Techකතා Live:138 වන වැඩසටහන!




Techකතා show

Summary: Techකතා 138වන වැඩසටහන 2012 අගෝස්තු 31වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික හා   චම්ලි අපිට උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. SLT ADSL අද Techකතා කරන මොහොතේදීම අපේ bandwidth කපහැරිම නිසා (FUP) Techකතා video කිරීම වගේම හරියාකාරව ප්‍රශ්න ටික වත් download කරගැනීම නොහැකි විය.  එමනිසා අද වැඩසටහන audio පමණක් වෙන කෙටි පැයකට අඩු වැඩසටහනක් බව කරුණාවෙන් සලකන්න  Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android  හෝ iOS ඇප් එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට) [00:01:40] : iPhone 5 එකේ ෆොටෝ වගයක් නිකුත් වෙලා. [00:02:06] : අවසන් වූ Apple Samsung නඩුව ගැන විස්තර. [00:03:11] : MP3 player දෙකක් නෙමෙයි දැන් හතරක්ම දෙනවා. [00:05:31] : HP pavilion G6 ලැප්ටොප් එකක එක ස්පීකර් එකකින් ගෝශාකාරී ශබ්දයක් එන්නේ ඇයි?. [00:07:29] : Samsung Galaxy Note 2 ගැන විස්තර. [00:14:11] : මව්පුවරුවක උපරිම රැම් ධාරිතාවෙන් අදහස් වෙන්නේ මොනවද?. [00:17:17] : ADSL port ID එකෙන් ටෙලිෆෝන් නම්බර් එක හොයාගන්න පුලුවන්ද?. [00:17:41] : DTMF කියන්නේ මොකක්ද සහ එය භාවිතා වන්නේ මොන අවස්ථා වලදීද?. [00:23:02] : Adobe Flash සමග database එකක් සම්බන්ධ කරගන්නේ කොහොමද?. [00:24:19] : Android app හදන්න පරිඝනකයට Android දාන්න ඕනද?. [00:25:05] : DTMF හා IVR අතර වෙනස කුමක්ද?. [00:25:55] : ලැප් එකට දාපු අලුත් බැටරිය චාර්ජ් නොවෙන්න හේතු මොනවද?. [00:29:00] : Samsung B-DD5100 Blue-ray player එකේ සිංහල සබ්ටයිටල් පේනවද?. [00:30:22] : SSH සහ SSL යනු මොනවාද?, SSH හා SSL අතර වෙනස්කම් මොනවාද?. [00:38:23] : IP-TV කියන්නේ මොකක්ද?. [00:40:30] : Honeypot යනු කුමක්ද?. [00:43:53] : Etisalat Pro-link ඩොන්ගල් එකක් අන්ලොක් කරගන්න පුලුවන්ද?. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (18.3MB) or OGG (21.8MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (3.8MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.