Techකතා Live:121 වන වැඩසටහන.




Techකතා show

Summary: Techකතා 121වන වැඩසටහන 2012 අප්‍රේල් 6වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, තිළිණ හා උපුල් ස්කයිප් හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. සියල්ලන්ටම සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා! සැ.යු. ලබන සිකුරාදා, අප්‍රේල් 13වන දින ටෙක්කතා නොමැති බව කරුණාවෙන් සලකන්න Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android application එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. Techකතා Facebook සමූහය ඔස්සේ. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට) [00:01:39] : ටෙක්කතා මැග් ඒක දවස ගානේ අප්ඩේට් වෙන ඒක ගැන විස්තර. [00:02:14] : අලුතෙන් එන Xbox-720 ඒක ගැන විස්තර (කට කථා). [00:04:00] : අලුතෙන් එන්න තියෙන Samsung Galaxy S3 ගැන විස්තර. [00:04:17] : Google glass project ඒක ගැන විස්තර. [00:05:26] : lulzsec හැකිං සමාජයේ කෙනෙක් සෝනි සමාගමේ PSN ඒක හැක් කරපු ඒක පිළිගත්ත හැටි. [00:06:47] : ඇපල් iPanel ටීවී ඒක ගැන විස්තර. [00:07:50] : SEO friendly URL ගැන විස්තර. [00:08:41] : මැක් වලට අලුතෙන් ඇවිත් තියෙන වයිරස් ඒක ගැන විස්තර. [00:10:38] : Airtel ඒකෙන නිකන් ඩොන්ගල් දෙනවා කියල බොරුවට ලින්ක් දාන අය ගැන සහ ඒ ගැන ඇත්ත විස්තර. [00:15:03] : iPhone 3GS එකට iOS 5.1 දැම්මට පස්සේ jailbreak කරගන්න බැරි ඇයි?. [00:16:51] : HDMI to VGA කියල කන්වර්ට් කරන්න පුළුවන් කේබල් තියෙනවද?. [00:18:12] : iTuns වලින් iPhone එකක් downgrade කරගන්න පුලුවන්ද?. [00:18:26] : ෆෝන් අන්ලොක්, අප්ඩේට් වලදී කියවෙන base-band කියන දේ මොකක්ද?. [00:20:13] : Dos attack කියන්නේ මොකක්ද?. [00:20:23] : Recommended resolution නැතුව වෙනත් අගයක් පාවිච්චි කිරීමෙන් මොනිටරේට හෝ ඇස් වලට හානියක් වෙනවද?. [00:21:43] : මොනිටර් වල contrast ratio සහ response time කියන දේවල් වලින් කියවෙන්නේ මොනවද?. [00:26:27] : iPhone එකක් අපිටම factory unlock කරගන්න පුලුවන්ද?. [00:29:12] : අව්රුද්දක් විතර පරණ HP ලැප් එකක බැටරිය විනාඩි 15න් බහින්නේ ඇයි?. [00:29:23] : Angry bird වගේ ගේම් හදන්න පාවිච්චි කරන තාක්ෂනය මොකක්ද?. [00:30:18] : Proxy server එකක් හදන්න හොදම Linux ද? windows ද?. [00:31:04] : Android ෆෝන් වල low on space error ඒක එන්නෙ ඇයි?. [00:31:41] : ටෙක් කථා වැඩසටහන කරන ආකාරය සරලව. [00:32:21] : Windows version වල මිල ගණන්. [00:32:31] : ජපානේ පාවිච්චි වෙන ඇපල් ෆෝන් එකක් ලංකාවට වැඩ කරන්න අන්ලොක් කරගන්නේ කොහොමද?. [00:33:11] : Jquery කියන්නේ ජාවමද?. [00:33:29] : 1080p වීඩියෝ එකක් 720p වලට කන්වර්ට් කරන්න පුලුවන්ද?. [00:33:57] : Remote control plane ලංකාවේ හදන්න සහ පාවිච්චිය තහනම්ද?. [00:35:20] : Motorola xoom ටැබ් එකකට සාමාන්‍ය ඩොන්ගල් එකක් සම්බන්ද කරල නෙට් යන්න පුලුවන්ද?. [00:36:12] : HSDPA සිග්නල් වැඩි කරගන්නේ කොහොමද?. [00:36:24] : PCB වැඩ කරගන්න කෙනෙක්, ක්‍රමයක් හෝ සමාගමක් තියෙනවද?. [00:38:10] : 100Mbps කියල තියෙන ලයින් එකක ඒ වේගයම ලැබෙනවද?. [00:38:53] : මොනිටර් කරන්න සයිට් බ්ලොක් කරන්න වගේ වැඩ වලට ප්‍රොක්සි එකක් ලේසියෙන්ම හදාගන්න හැටි ( Smoothwall ). [00:39:55] : Samsung captivate i898 ෆොනේ එකක් ඔන් වෙනකොට "failed to mount /sdcard no such file or directory" error ඒක එන්න හේතුව. [00:40:45] : ටෙක් කථා සයිට් ඒක හදල තියෙන්නේ කොහොමද සහ වෙබ් සයිට් හදන ආකාරය ගැන විස්තර කීපයක්. [00:42:07] : දැන් කොළබ FM transmitter හොයාගන්න අමාරු ඇයි?. [00:42:30] : PDF එකක් ෆේස්බුක් පේජ් එකකට දාගන්නේ කොහොමද?. [00:42:48] : iPhone එකක් backup කරගන්න WiFi ඕනමද?. [00:43:20] : අලුත් iPad එකේ WiFi වල ගැටළුවක්. [00:43:27] : YouTube වල තියෙන 1080p වීඩියෝ 3D වලට කන්වර්ට් කරන ඒක ගැන විස්තර. [00:43:54] : Scratch resistance කියල එන glass ඇත්තටම සීරෙන්නේ නැද්ද?. [00:46:32] : Yahoo සමාගමෙන් සේවකයෝ 20,000 එලියට දන්න යන ඒක ගැන විස්තර. [00:46:53] : Galaxy tab එකට ICS එන්න තවත් පරක්කු වෙනව. [00:47:26] : PS3 වලට amazon instant video service ඒක එනවා. [00:47:56] : ජුනි වල iPhone-5 එනවා (කට කථා). [00:48:05] : iOS වලින් Google map අයින් කරල open street map වලට මාරු වෙන ඒක ගැන විස්තර. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)